2024-05-06 18:41:53
23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් 2024 මැයි මස 01 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-05-06 17:07:55
ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 30 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2024-05-06 17:02:59
පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍ය පවුලක් වෙනුවෙන් ‘Lift Life Foundation’ හි අනුග්‍රාහකත්වය යටතේ 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් දින 10 ඇතුළත නව නිවසක් ඉදිකර ප්‍රථිලාභීන් වෙත පසුගියදා පවරා දෙනු ලැබීය.
2024-05-06 16:59:45
ධූරයෙන් නික්ම යන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 මැයි මස 04 දින එම පාබල පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-05-06 16:57:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 15 වන විනයාරක්‍ෂාධිපතිතුමන් ලෙස බ්‍රිගේඩියර් ආර්.ඩී. සලේ එන්ඩීසී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී මැයි මස 03 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-05-06 16:47:25
21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට (NAITA) නවතමයෙන් එක් වූ සිසුන් දිරිගැන්වීමේ අරමුණින් දින පහක පෞරුෂ සංවර්ධන වැඩමුළුවක් පවත්වන ලදී.
2024-05-06 16:41:36
වවුනියාව මහ රෝහලේ රුධිර බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීමේ අරමුණු කරගණිමින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 මැයි මස 02 දින එම සේනාංකයේදී රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පැවැත් වූහ.
2024-05-06 16:35:52
භඨකාර්ය සම්පාදක ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ. එම්. එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණයට අයත් ක්‍රීඩා පිටියේ තෝරා ගන්නා ලද ප්‍රදේශයක තේ පැළ 10,000ක තේ වගා ව්‍යාපෘතියක් අප්‍රේල් 27 වන ආරම්භ කරන ලදී. එහිදී, අක්කර 2 ක භූමි ප්‍රදේශයක් පුරා තේ පැල රෝපණය කිරීමට නියමිතව ඇත.
2024-05-05 22:15:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී අප්‍රේල් මස 26 දින ධර්මපාල විද්‍යාලයේ පැවති වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
2024-05-04 07:27:16
වැඩබලන අධ්යක්ෂ ජෙනරාල්