Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2024 07:27:16 Hours

වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි ආරක්‍ෂක සහ පරිපාලන කටයුතු නිරීක්‍ෂණය කරයි

වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී අප්‍රේල් මස 29 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, අප්‍රේල් මස 30 දින 1 බලකාය සහ මැයි මස 01 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානයන්හි ආරක්‍ෂක සහ පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලූහ.

1 බලකාය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානයන් වෙත සපැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා 1 බලකායේ බලකාධිපතිතුමන්, එම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් සහ සේනාංකාධිපතිවරුන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. අනතුරුව, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවන්හිදී එක් එක් ප්‍රදේශයන්හි ආරක්‍ෂාව සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා දැනුවත් කරනු ලැබීය.

එම සාකච්ඡාවන් අතරතුරදී, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ හුවමාරු කරගනු ලැබීය. නිල සංචාරය සඳහා ප්‍රධාන මාණ්ඩලික ශාඛාව, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.