05th May 2024 22:15:11 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී අප්‍රේල් මස 26 දින ධර්මපාල විද්‍යාලයේ පැවති වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ක්‍රීඩා උළෙල සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පාසල් ශිෂ්‍යභට ඛණ්ඩය විසින් ඉදිරිපත් කරන ලද වීදිපෙළ සෑදීමකින්, සරඹ සංදර්ශනයකින් සහ එම පාසල් සිසුන් විසින් ඉදිරිපත් කරන ලද සරඹ පෙළපාලියකින් ගෞරවාචාරය පිරිනමන ලදී.
විද්‍යාලීය විදුහල්පතිනී මහේෂිකා රූපසිංහ මහත්මිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අන්තර් නිවාස ක්‍රීඩා උළලේදී ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය සුවිශේෂී මළල ක්‍රීඩා දක්‍ෂතාවයන් එළිදැක්වූහ.
උත්සව අවස්ථාවේදී, පාසල් සිසු සිසුවියන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ට ජීවිතයේ අරමුණු පිළිබඳ උපදෙස් ලබාදෙමින්, තමන්ගේම ඉලක්ක සපුරා ගැනීම සඳහා කාලය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, විවිධ කුසලතා ඇති සිසුන්ට අනාගතයේදී අභියෝග ජයගත හැකි බවත් පැහැදිලි කළේය. සෑම සිසුවෙකුටම සාර්ථක වීමට අවශ්‍ය නම්, තම ජීවිතයේ ශක්තීන්, දුර්වලතා, අභියෝග සහ අවස්ථාවන් හඳුනාගත යුතු බව ද එතුමන් වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්, ගුරු භවතුන්, සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.