Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2024 16:35:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී තේ වගා ව්‍යාපෘතිය ආරම්භය කරයි

භඨකාර්ය සම්පාදක ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ. එම්. එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණයට අයත් ක්‍රීඩා පිටියේ තෝරා ගන්නා ලද ප්‍රදේශයක තේ පැළ 10,000ක තේ වගා ව්‍යාපෘතියක් අප්‍රේල් 27 වන ආරම්භ කරන ලදී. එහිදී, අක්කර 2 ක භූමි ප්‍රදේශයක් පුරා තේ පැල රෝපණය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.