2024-07-01 14:06:34
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSCA) මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාපිත කිරීමට නියමිත ගුවන් හමුදා භට කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලා අංක 10, සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ජූනි මස 28 දින සාර්ථකව අවසන් විය.
2024-07-01 14:00:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී මේජර් ජෙනරල් ඊබ්‍රාහිම් හිල්මි (Major General Ibrahim Hilmy) විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව 2024 ජුනි මස 23 දින බෝම්බ නිශ්ක්‍රීය පාඨමාලාවේ සමාප්ති උත්සව අවස්ථාවට එම බලකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
2024-06-29 22:32:00
නීති සේවා මානව හිමිකම් සහ මනුෂවාදී නිති අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත පිරිසක් විසින් ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර දී අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම් (MISO) පිළිබඳ දෙදින වැඩමුළුවක් 2024 ජුනි මස 26 සහ 27 යන දිනයන්හිදී පවත්වන ලදී.
2024-06-29 22:27:17
4 ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් කීරගොල්ල සහ අබුලඹේ ප්‍රදේශවල අඩුආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් 2024 ජුනි මස 28 දින කීරගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී ක්‍රියාත්මක කරන ලදී.
2024-06-29 22:24:17
211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන් කදනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් වැලිඔය, 211 පාබල බලසේනා මූලස්ථානයේදී 2024 ජුනි මස 25 දින බත් දන්සැලක් පවත්වන ලදී.
2024-06-28 18:33:37
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූනි මස 26 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ වව්නියාවේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය.
2024-06-28 18:31:51
මිරිසුවිල්හි පිහිටි 52 පාබල සේනාංකයේ 30 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් පී.ආර්.පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2024 ජුනි මස 26 වන දින හමුදා සම්ප්‍රදායානුකූලව එම මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
2024-06-28 18:29:22
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු ශ්‍රවණාගාරයේදී බෝ නොවන රෝග සහ ලිංගාස්ශ්රිත රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 26 දින පවත්වන ලදී.
2024-06-28 18:26:46
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම සේනාංක බල ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 32 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ එම පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2024 ජුනි මස 23 දින ඔඩ්ඩුසුඩාන්, 64 පාබල සේනාංකය පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
2024-06-28 18:23:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා ප්රවීණයන්ගේ සංගමයේ 4 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කුරුණෑගල, ‘Kroll Village’ හෝටල් පරිශ්‍රයේදී 2024 ජූනි මස 22 දින එම බලකායේ ප්‍රවීණයන් 185 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.