28th June 2024 18:23:36 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා ප්‍රවීණයන්ගේ සංගමයේ 4 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කුරුණෑගල, ‘Kroll Village’ හෝටල් පරිශ්‍රයේදී 2024 ජූනි මස 22 දින එම බලකායේ ප්‍රවීණයන් 185 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් එන්.යූ.එම්.එම්.ඩබ්ලිව් සේනානායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී, විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, කර්නල් ජයවි ප්‍රනාන්දු (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී වූහ.
උත්සවය අතරතුර, 2024-2025 වර්ශය සඳහා නව සභාපති වශයෙන් මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ලේකම් වශයෙන් කපිතන් එච්.එම් නලින් හේරත් (විශ්‍රාමික), භාණ්ඩාගාරික වශයෙන් මේජර් ඩබ්ලිව්.එම් තුෂාර විජේසුන්දර (විශ්‍රාමික) තොරා පත්කර ගත් අතර, විශේෂ බලකා රෙජිමේන්තුව වෙත සිදුකරනු ලැබූ දායකත්වය අගයමින් හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් එන්.යූ.එම්.එම්.ඩබ්ලිව්.සේනානායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී වෙත පූර්ණ කාලීන සාමාජිකත්වය පිරිනැමීම සිදුවිය.