Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2024 14:06:34 Hours

ගුවන් හමුදා භට කණ්ඩායමේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් පෙර පුහුණු පාඨමාලා අංක 10 සාර්ථකව අවසන්

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSCA) මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාපිත කිරීමට නියමිත ගුවන් හමුදා භට කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලා අංක 10, සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ජූනි මස 28 දින සාර්ථකව අවසන් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකු සහ සෙසු නිලයන් 116 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව 2024 ජුනි මස 06 දින ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වල නිරත හමුදා සාමාජිකයන්ට පැවරී ඇති විශේෂ කාර්යයන් පිළිබඳ ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව මූලික දැනුම වැඩි දියුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණ විය.

පාඨමාලාවේ සමාප්ති දින උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී සහභාගී විය. එතුමන් එහිදී සමාප්ති දේශනය සිදුකරමින් පාඨමාලාව සඳහා සහභාගී වූවන්ට සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවට එම පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් සහභාගී වූහ.