Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2024 18:26:46 Hours

64 පාබල සේනාංකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම සේනාංක බල ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 32 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ එම පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2024 ජුනි මස 23 දින ඔඩ්ඩුසුඩාන්, 64 පාබල සේනාංකය පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා බ්‍රිගේඩියර් ඒ.එස්. විජේවික්‍රම (විශ්‍රාමික) යූඑස්පී ගේ දියණියන් වන ටිරානි විජේවික්‍රම සහ නව්‍යා විජේවික්‍රම යන මෙනවියන් සමඟින් ‘Typical Sri Lanka Organization’ සංවිධානයේ රාජ් ප්‍රභූ සහ අසේල් කරුණාරත්න යන මහත්වරුන් අනුග්‍රාහකත්වය දැක්වූහ.