28th June 2024 18:31:51 Hours
මිරිසුවිල්හි පිහිටි 52 පාබල සේනාංකයේ 30 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් පී.ආර්.පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2024 ජුනි මස 26 වන දින හමුදා සම්ප්‍රදායානුකූලව එම මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළේය. අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කරනු ලැබීය.
අනතුරුව එතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. උත්සවයේ කටයුතු අවසන් කරමින් නව සේනාංකාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සියලු නිලයන් සමඟ එතුමන් සුහඳ පිළිසඳරක ද නිරතවිය.