28th June 2024 18:33:37 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූනි මස 26 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ වව්නියාවේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීමෙන් අනතුරුව, 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. පසුව නව ආඥාපතිතුමන් එම මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව, එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටිමෙන් පසුව එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව, සියළු භටපිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාවේ පැවරී ඇති රාජකාරි සහ වගකීම් නිසි ආකාරයෙන් ඉටුකිරීමේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කළේය.
උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.