Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2024 22:27:17 Hours

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක ඇසුරුම් 100 ක් බෙදා දීමේ වැඩසටහනක්

4 ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් කීරගොල්ල සහ අබුලඹේ ප්‍රදේශවල අඩුආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් 2024 ජුනි මස 28 දින කීරගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී ක්‍රියාත්මක කරන ලදී.

මේජර් පී.කේ වරුන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ගේ අධීක්‍ෂණය යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකරන ලදී.

කුමා වීරසූරිය මහතා ඇතුළු ඔහුගේ හිතවතුන් පිරිසක් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් එක්ව සිටියහ.