2016-11-05 12:49:50
වෙහෙස මහන්සි වී වැඩ කරන ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් තුල ආධ්‍යාත්මික සහ මානසික සුවය වර්ධනය කිරීමේ අරමුණින් යුද හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබූ තවත් භාවනා වැඩසටහනක් බදාදා (02) දින කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2016-11-05 12:46:14
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි අඟහරුවාදා (01) දින වැලිකන්ද පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථාන කාර්යාලයේ දී සිය රාජකාරි භාර ගන්නා ලදි.
2016-11-05 12:39:48
‘මිත්‍ර ශක්ති’ පුහුණුලාභීන් බදාදා (02) දින කමාන්ඩෝ භට පිරිස් විසින් ඉදිරිපත් කරන ලද කඳු නැගීමේ නිදර්ශනය නැරඹූ අතර, අනතුරුව ඔවුන් කඳු නැඟිමේ පුහුණු සැසියකට ද සහභාගි විය.
2016-11-05 12:34:37
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ ගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් නව නිපැයුම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (03) දින දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා පුහුණු පාසලේ දී පවත්වන ලදි.
2016-11-05 12:30:23
සිය යුද හමුදා දිවියෙහි වසර 35 ක කීර්තිමත් සේවා කාලයක් සපුරනු ලැබූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න සඳුදා (31) දින යුද හමුදා සේවයෙන් නික්ම යනු ලැබීය.
2016-11-05 12:24:26
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් තවත් පුහුණු දින වැඩසටහනක් බදාදා (2) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.
2016-11-05 12:18:58
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන 13 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝබර් මස 25 සිට 28 වන දින දක්වා විවිධ වැඩසටහන් රැසක් පවත්වන ලදි.
2016-11-04 19:09:29
විශ්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනයට යොදා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සැකසීම අරමුණු කොට ගෙන අතිගරු ජනාධිපතිතුමා විසින් 2016.03.18 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍යා මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇත.
2016-11-04 18:56:27
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.ඒ. නූගේරා බදාදා (02) දින හම්බන්තොට පිහිටි එම මුලස්ථාන පරිශ්‍රයේ පැවති චාම් උත්සවයක දී සිය ධූරයෙහි රාජකාරි භාර ගනු ලැබීය.
2016-11-04 18:52:32
12 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ජි.ආර්.එච්. ඩයස් බදාදා (02) දින එම ධූරයෙන් නික්ම යෑම නිමිත්තෙන් එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී චාම් උත්සවයක් පවත්වන ලදී.