Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2016 12:39:48 Hours

‘මිත්‍ර ශක්ති’ අවසන් අදියරට

‘මිත්‍ර ශක්ති’ පුහුණුලාභීන් බදාදා (02) දින කමාන්ඩෝ භට පිරිස් විසින් ඉදිරිපත් කරන ලද කඳු නැගීමේ නිදර්ශනය නැරඹූ අතර, අනතුරුව ඔවුන් කඳු නැඟිමේ පුහුණු සැසියකට ද සහභාගි විය.

ඉන් අනතුරුව, ඔවුන් කමාන්ඩෝ භට පිරිස් ඉදිරිපත් කරන ලද යුද උපක්‍රම වන මං පෙත් සොයා යෑම, භූමිය තුල ජිවත්වීම වැනි නිදර්ශන කිහිපයක් ද නරඹන ලදි.

එදින සන්ද්‍යාවේ දී දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ දී වෙඩි තැබිමේ පුහුණු සැසියකට සහභාගි වූ අතර, දෙදෙනෙකු බැගින් සහභාගි වූ රයිෆල් වෙඩි තැබිමේ සැසිය අවසානයේ දක්ෂතම වෙඩිතබන්නා තෝරා ගන්නා ලදි.

අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පැවති මිත්‍ර ශක්ති පුහුණු අභ්‍යාසයේ අවසාන අදියර වන පහාරදීමේ පුහුණූ අභ්‍යාසය සිදු කළ අතර, සති දෙකක් පුරා පැවති පුහුණූ සැසියේ ඔවුන් විසින් ඔවුන්ගේ දක්ෂතා එහිදි පෙන්නුම් කරන ලදි.

බ්‍රහස්පතින්දා (03) දින මෙම පුහුණුලාභීන් ඔවුන්ගේ අවසන් අභ්‍යාසය සඳහා අභ්‍යාස නියෝග ලබාදීම සිදු කරන ලදි.

නිදර්ශන ආකෘතිය නිර්මාණය කිරීමෙන් අනතුරුව එම පුහුණූ ලාභීන් අවසන් වාචික නියෝග ලබාදීම සිදු කළ අතර, එහිදි අභ්‍යාස නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් මේජර් කේ.ඒ.ඒ.කේ. කරුණාරත්න, කපිතාන් කේ.එස්.බි.එම්.ආර්.එල්.ඩබ්.එස්.බි. ලේනවල, කපිතාන් ජි.ඒ.ජේ.කේ.ඩි. විතාන සහ කපිතාන් වික්‍රාන්ත් සිං යන නිලධාරීන්ගෙන් එම අභ්‍යාස නියෝග ලබා ගන්නා ලදි.

url clone | Nike