Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2016 12:18:58 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය 13 වන සංවත්සරය සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන 13 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝබර් මස 25 සිට 28 වන දින දක්වා විවිධ වැඩසටහන් රැසක් පවත්වන ලදි.

ඒ අනුව සෝමාවතිය රජමහා විහාරයේ සහ මින්නේරිය මහසෙන් දේවාලයෙහි ආගමික වතාවත් සිදු කරමින් දේශය වෙනුවෙන් අභිතව සටන් වැද දිවි පිදූ රණවිරුවන් හට සෙත් පතා යුද හමුදාවට ආශීර්වාද කිරීම ද සිදු කෙරිනි.

තවද සංවත්සරය වෙනුවෙන් දන්සල් කිහිපයක් ද පවත්වන ලදි.

මහසෙන් දේවාලයෙහි පවත්වනු ලැබූ විශේෂ පූජාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි සහභාගි විය.

එමෙන්ම, සංවත්සරයට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.

මෙම සංවත්සර වැඩසටහන, පැවති සංගීත සැදෑවත් සමගින් අවසන් විය.

short url link | UK Trainer News & Releases