Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2016 18:52:32 Hours

12 වන සේනාංකයේ සේනාංකාධිපති සිය රාජකාරි නිම කරයි

12 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ජි.ආර්.එච්. ඩයස් බදාදා (02) දින එම ධූරයෙන් නික්ම යෑම නිමිත්තෙන් එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී චාම් උත්සවයක් පවත්වන ලදී. නික්ම යනු ලැබූ එම සේනාංකාධිපති දියතලාව යුද හමුදා පුහුණු අණසක ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

එම සේනාංක පිවිසුම් දොරටුව අභියස දී 12 වන සේනාංක භට පිරිස් විසින් නික්ම යනු ලැබූ සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් විසින් එම අවස්ථාව සිහිගන්වමින් සුදු සදුන් පැළයක් ද රෝපණය කරන ලදි.

සියලු නිල තේ පැන් සංග්‍රහය සහ සුහඳ හමුවෙන් අනතුරුව මෙදින වැඩසටහන නිමා විය.

Nike footwear | Nike Shoes