Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2016 19:09:29 Hours

ත්‍රිවිධ හමුදාවන්හි මානව සම්පත් ජාතික සංවර්නය සඳහා යොදා ගැනීම

විශ්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනයට යොදා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සැකසීම අරමුණු කොට ගෙන අතිගරු ජනාධිපතිතුමා විසින් 2016.03.18 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍යා මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව වසර 22 ක සේවා කාලයක් සපුරා තිබීම හෝ එකම නිලයක රැදී සිටිය හැකි උපරිම වයස් සීමාව ඉක්මවාලීම යන කරුණු පදනම් කර ගෙන විශ්‍රාම ගිය රණවිරුවන්ට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථාවන්හි පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් හා තාවකාලික පදනමින්ද, පුද්ගලික අංශයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව ඇත.

මේ වන විට ත්‍රිවිධ හමුදාවන්හි විශ්‍රාම ගිය සංඛ්‍යාව 113,598 ක් වන අතර ඔවුන්ගේ රැකියා හා සුබසාධක කටයුතු ඉහල නැංවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් පරිදි විශ්‍රාමික රණවිරු සුබසාධන අංශය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය තුල ස්ථාපිත කර ඇත.

මෙහි පළමු අදියරේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇති තාක්ෂණ නිලධාරී පුරප්පාඩු සඳහා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් පනස් දෙනෙකු බඳවාගන්නා ලදී. ඒ අනුව අමාත්‍යාංශ 20 කින් සහ පුද්ගලික ආයතන 10 කින් එම ආයතනයන්හි පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් පවතින විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ දත්තයන් ලබා දී ඇත. බස්නාහිර පලාත් සභාව සඳහා තාක්ෂණික නිලධාරීන් 60 දෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2016.11.07 වන දින පැවැත්වෙන අතර, එයට සමගාමීව විශ්‍රාමික රණවිරු රැකියා පොල එදින 0900 පැයේ සිට 1600 පැය දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වීමට නියමිතව ඇත.

spy offers | Nike sneakers