Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2016 12:30:23 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයෙන් සහ යුද හමුදාවෙන් නික්ම යන ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න වෙත ආචාරය

සිය යුද හමුදා දිවියෙහි වසර 35 ක කීර්තිමත් සේවා කාලයක් සපුරනු ලැබූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න සඳුදා (31) දින යුද හමුදා සේවයෙන් නික්ම යනු ලැබීය.

නික්ම යනු ලැබූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති වෙත එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

එහිදී 7 වන කාරක ඉංජිනේරු භට විසින් ඉදිරිපත් කරනු ලැබූ සම්මාන පෙලපාලිය ඔහු විසින් නිරීක්ෂණය කළ අතර, භට පිරිස් විසින් නික්ම යන ආඥාපතිතුමා වෙත ආචාරය පිරිනැමිම සිදු කෙරිනි.

එම අවස්ථාව සඳහා 22, 23, 24 යන සේනාංකයන්හි සේනාංකාධිතිවරුන්, ඉදිරිනඩත්තු පෙදෙසෙහි ආඥාපති මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

එහිදී නික්ම යනු ලැබූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති විසින් භට පිරිස් අමතා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කළ මාස 07 ක කාලය තුල දී තමා වෙත නොමද සහයෝගය ලබා දුන් කාර්ය මණ්ඩලය ඇතුලු සියලුදෙනා වෙත ස්තුතිය පුද කරන ලදි.

අනතුරුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, නික්ම යනු ලැබූ ආඥාපති විසින් සියලු නිල තේ පැන් සංග්‍රහයට සහ නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයට ද සහභාගි වූහ.

එමෙන්ම නිලධාරී නිවස්නයේ දී නිලධාරීන් අමතීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ වටිනා සේවය අගය කිරීම වස් එම ආරක්ෂක සේනා මුලස්ථානයෙන් සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.

නික්මයන නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න සිය කාර්යාලයෙන් නික්මයාමත් සමඟින් එදින වැඩසටහන අවසන් විය.

Authentic Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp