Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2016 12:24:26 Hours

තවත් බදාදා පුහුණු වැඩසටනක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් තවත් පුහුණු දින වැඩසටහනක් බදාදා (2) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ඩී.පී ප්‍රනාන්දුගේ මඟපෙන්වීම යටතේ එම පුහුණු වැඩසටහන පැවැත්විය.

මෙහිදී 19 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ කපිතන් ඩබ්ලිව්.ජී.ආර් රූපතුංග විසින් ‘Leadership of General Douglas Macarthur’ පිළිබඳවත්, 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කපිතන් ඒ.එච්.එන් රත්නසූරිය විසින් ‘Mao Zedong’ පිළිබඳවත් දේශණ පවත්වන ලදි.

තවද මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන විනයාරක්ෂක ඛණ්ඩයේ නිලධාරී අණදෙන මේජර් එල්.එන් ඉන්ද්‍රජිත් විසින් ‘යුද හමුදා විනය සහ පැවැත්ම’ පිළිබඳව දේශණයක් ද පවත්වන ලදි.

මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 40 ක් ඇතලු යුද හමුදා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගි වූහ.

Nike air jordan Sneakers | Entrainement Nike