Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2016 12:49:50 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් කඳුබොඩ දී භාවනා වැඩසටහනක්

වෙහෙස මහන්සි වී වැඩ කරන ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් තුල ආධ්‍යාත්මික සහ මානසික සුවය වර්ධනය කිරීමේ අරමුණින් යුද හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබූ තවත් භාවනා වැඩසටහනක් බදාදා (02) දින කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 50 ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 13 ක් සහභාගි වූහ.

යුද හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති මෙම වැඩසටහන මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ජනප්‍රිය වී ඇත.

Best Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff