2018-04-17 13:15:16
පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අඟහරුවාදා (10) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැමිණ එම මුලස්ථානය යටතේ වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සොයා බලන ලදී.
2018-04-17 13:10:06
බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් විසින් සංවිධානය කරන ලද සිංහල සහ දමිල අලුත් අවුරුදු උත්සවය ගාල්ල, බුස්ස පිහිටි 58 වන සේනාංක මුලස්ථාන ක්‍රීඩාපිටියේදි බදාදා (11) දින පවත්වන ලදී.
2018-04-17 13:05:36
මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ සෙසුනිලයින් සඳහා නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිල භෝජනාගාරය අගහරුවාදා (10) දින 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ සුරතින් විවෘත කරන ලදී.
2018-04-17 13:00:38
සිංහල හා දෙමළ සංස්කෘතික බැදීම තවදුරටත් ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් පරිදි කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව සංවිධානය කරන ලද....
2018-04-17 12:14:31
මන්නාරම, වෙඩිතලතිව් කොමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ කැළෑබද සටන් පුහුණු පාසල මගින් තෙවන වරටත් පවත්වන ලද ‘බලඇණි වෙඩිතැබිමේ කුසලතා සංවර්ධනය සහ අවි රහිත ආත්මාරක්‍ෂක සටන් කලාව’ (“Battalion Firing Skill Development and Unarmed Fighting Course”) පිළිබඳ පාඨමාලාව....
2018-04-17 11:58:50
නව අවුරුදු උදාව සැමරිම වෙනුවෙන් වව්නියාව නගරය කේන්ද්‍රකරගනිමින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද බක් මහ උළෙල අඟහරුවාදා (10) දින වව්නියාව මහ නගර සභා ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. මෙම බක් මහ උළෙල සාර්ථකත්වය සඳහා නාවික හමුදාව, ගුවන් හමුදාව,....
2018-04-17 11:45:59
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 6 වන සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක බදාදා (11) දින සිය ධුරයේ රාජකාරි අරඹන ලදී. නව සේනාංකාධිපතිතුමන් පිළිගැනිම සඳහා එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.
2018-04-17 11:33:40
66 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන අඟහරුවාදා (10) දින සිය ධූරයෙන් නික්ම යන ලදී. පුනරීන් ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් ස්ථාපනය කරන ලද 66 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස වසර 02 ක පමණ කාලයක් රාජකාරි කරමින් එම ප්‍රදේශයේ සමාජ සුභ සාධන ව්‍යාපෘතින් රැසක් සිදුකරන ලද අතර එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ නව තනතුරක් භාරගැනිමට නියමිතව ඇත.
2018-04-17 11:24:03
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරි සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන ලද බක් මහ උළෙල පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන රසල් හයින් ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (12) දින පවත්වන ලදී.
2018-04-13 23:00:04
නැගෙනහිර පළාතේ හේනානිඟල ප්‍රදේශයේ දී ‘වන අරණ පදනම’ සහ පාරම්පරික ආදීවාසි සාමාජිකයින් සමඟ එක්ව යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් බදාදා (11) දින සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය. ආදීවාසින්ගේ ප්‍රධානී ඌරුවරිගේ වන්නිල ඇත්තො ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම බක්මහ ....