Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 13:05:36 Hours

නවතමයෙන් ඉදිකරන ලද භෝජනාගාරය භට පිරිස් සඳහා විවෘත කෙරේ

මධ්‍යම ආරක්‍ෂක ‍සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ සෙසුනිලයින් සඳහා නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිල භෝජනාගාරය අගහරුවාදා (10) දින 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ සුරතින් විවෘත කරන ලදී.

12 වන සේනාංකයේ සියළුම නිලයින් නවතමයෙන් ඉදිකරන ලද මෙම සෙසුනිල භෝජනාගාරය සඳහා ස්වේච්ඡාවෙන් ශ්‍රමදායකත්වය හා මුල්‍ය පරිත්‍යාගයන් සිදුකරන ලද අතර එහි සියළුම ගෘහ භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ 12 වන සේනාංකයේ දක්‍ෂ වඩු කාර්මික ශිල්පින් විසින් නිර්මාණය කරන ලදී.

මෙම විවෘත කිරිමේ උත්සවය සඳහා 12 සේනාංකයේ සියළුම නිලධාරින්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් රැසක් එක්ව සිටියහ.

Sports brands | Archives des Sneakers