Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 11:33:40 Hours

66 වන සේනාංකයේ සේනාංකාධිපති සිය ධුරයෙන් නික්ම යයි

66 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන අඟහරුවාදා (10) දින සිය ධූරයෙන් නික්ම යන ලදී. පුනරීන් ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් ස්ථාපනය කරන ලද 66 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස වසර 02 ක පමණ කාලයක් රාජකාරි කරමින් එම ප්‍රදේශයේ සමාජ සුභ සාධන ව්‍යාපෘතින් රැසක් සිදුකරන ලද අතර එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ නව තනතුරක් භාරගැනිමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් 66 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරනු ලැබු අතර 66 වන සේනාංක මූලස්ථානය පරිශ්‍රයේ දී, 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.ඉන් අනතුරුව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ භට පිරිස් අමතනු ලැබීය.

තවද, සියලු නිල තේ පැන් සංග්‍රහයකින් සහ සමුගැනිමේ භෝජන සංග්‍රහයක් ද පවත්වන ලද අතර එහිදි, නික්මයන සේනාංකාධිපතිතුමන්ගේ සේවය අගයමින් සමරු තිලිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

Nike shoes | balerínky