Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 13:00:38 Hours

කිලිනොච්චියේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සැමරේ

සිංහල හා දෙමළ සංස්කෘතික බැදීම තවදුරටත් ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් පරිදි කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව සංවිධානය කරන ලද සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සවය බදාදා (11) දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩා පිටියේදී පවත්වන ලදි.

මෙම අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වු අතර 57 වන සේනාංකය යටතේ ස්ථාපිත සියළුම බලසේනාවන් සහ ඒකකයන් හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ.

සම්ප්‍රදායානුකුලව පොල් තෙල් පහන් දැල්විමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද මෙම අවුරුදු උත්සවය සම්ප්‍රදායික හා විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රිඩා ඉසව් රැසකින් ද සමන්විත විය. සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් හා යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් මේ සඳහා සහභාගි වු අතර ඔවුන් නව අවුරුදු සතුට හුවමාරු කරගන්නා ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිතයින් විසින් අවුරුදු උත්සවයේ තරග ඉසව් වලින් ජයග්‍රහණය කරන ලද අයවළුන් හට වටිනා ත්‍යාග පිරිනමන ලදී.

කිලිනොච්චි ප්‍රදේශයේ තරුණියන් 40 කට වැඩි ප්‍රමාණයක් සහභාගි වු අවුරුදු කුමරිය තේරිමේ තරගය එදින සන්ධ්‍යාවේ සංගීත ප්‍රසංගය අතරතුර දි පවත්වන ලදී. මෙම සංගීත ප්‍රසංගය සඳහා කුරුණෑගල ‘ආශා’ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ‘උතුරු සුළඟ’ යන සංගීත කණ්ඩායම් විසින් සංගීතවත් කරන ලද අතර නර්තනයෙන් මාතලේ ‘ෂයින් ගර්ල්ස්’ සහ ‘උතුරු සුළඟ’ නර්තන කණ්ඩයම් දායකත්වය දක්වන ලදී.

Buy Kicks | Asics Onitsuka Tiger