Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 13:15:16 Hours

යාපනය ප්‍රදේශයේ පොල් වගාව පුළුල්ව ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රගති සමාලෝචනයක්

පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අඟහරුවාදා (10) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැමිණ එම මුලස්ථානය යටතේ වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන පොල් වගා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සොයා බලන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සිය සතුට පළ කල අතර, 2018 වර්ෂය අවසන් වනවිට පැළ 100,000 ක් වගා කිරීමේ ඉලක්කය සපුරාගැනීම සඳහා තවත් පොල් පැළ ලබාදීම සඳහා ඔවුන්ගේ එකඟත්වය පළ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පසුගිය මාස 6 ක කාලය තුල පොල් පැළ වගා කිරීම ආරම්භ කර ඇති අතර ආසන්න වශය‍ෙන් දැනට පොල් පැල 10,000 ක් පමණ ලබාදී ඇත.

මේ වනවිට එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ඉඩම් තුල පොල් වගා කිරීම සඳහා ඔවුන් උනන්දු කිරීමේ අරමුණින් සෑම ගෙවත්තකම පොල් පැළ 5 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක්ද යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

buy footwear | Mens Flynit Trainers