Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 13:10:06 Hours

58 වන සේනාංකය ද අලුත් අවුරුද්ද සැමරිම සඳහා එක්වේ

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් විසින් සංවිධානය කරන ලද සිංහල සහ දමිල අලුත් අවුරුදු උත්සවය ගාල්ල, බුස්ස පිහිටි 58 වන සේනාංක මුලස්ථාන ක්‍රීඩාපිටියේදි බදාදා (11) දින පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහභාගි විය.

සාම්ප්‍රදායික හා විනෝදාත්මක ක්‍රීඩා අංගයන් රැසකගෙන් සමන්විත වු මෙම අලුත් අවුරුදු උත්සව පරිශ්‍රයේ ඉදිකරන ලද පිටිසර ගම්මානයක ආකෘතිය කාගේත් අවධානය දිනාගැනිමට සමත් විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගි වු අතර තරග ඉසව්වලින් ජයගත් ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රධානය කිරීමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු නිමාවිය.

trace affiliate link | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5