Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 11:58:50 Hours

වව්නියාව නව අවුරුදු සිරියෙන් ඇලලේ

නව අවුරුදු උදාව සැමරිම වෙනුවෙන් වව්නියාව නගරය කේන්ද්‍රකරගනිමින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද බක් මහ උළෙල අඟහරුවාදා (10) දින වව්නියාව මහ නගර සභා ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

මෙම බක් මහ උළෙල සාර්ථකත්වය සඳහා නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන, වෙළද සංගමය සහ අනෙකුත් සිවිල් සංවිධාන විසින් දායකත්වය දක්වනු ලැබු අතර ජාතික වැදගත්කමක් ඇති මෙම අවස්ථාව වව්නියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධික්‍ෂණය යටතේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සම්බන්ධිකරණය කරන ලදී.

බක් මහ උළෙලේ ක්‍රීඩා ඉසව්වන්හි ආරම්භය සනිටුහන් කරමින් පැවති මැරතන් ධාවන තරගය සහ පාපැදි ධාවන තරගය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අරඹන ලදී. අනතුරුව වව්නියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින් ජාතික ධජය එසවිමෙන් ආරම්භ වු බක් මහ උළෙල ගැමි ගෙදර ආකෘතිය, ග්‍රීස් ගහේ නැගිම, කොට්ටා පොරය, කඹ ඇදීම, විකට ඇදුම් තරගය, බැලුන් තරගය වැනි සම්ප්‍රදායික හා විනෝදාස්වාදක ක්‍රිඩා රැසකින් සමන්විත විය.

බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගම් නියෝජනය කළ ආගමික නායකයින්ගේ ආශිර්වාදය මත පැවති මෙම බක් මහ උළෙල සඳහා වව්නියාව දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටි.එම්.එස්.එම් තෙන්නකෝන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ වෙළඳ සංගමයේ සභාපති ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වුහ.

මෙහිදි වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් විසින් වව්නියාව නගරයේ සිවිල් වැසියන් 4000 කට වැඩි පිරිසක් සඳහා දිවා ආහාරය ලබා දුන් අතර මෙම බක් මහ උළෙල සඳහා නෙස්ලේ ලංකා සමාගම සහ නෙස්ටොමෝල්ට් ආයතන ප්‍රධාන අනුග්‍රාහකත්වය ද මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිණි නාලිකාව මගින් ලබාදෙනු ලැබීය.

affiliate link trace | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp