Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2018 12:14:31 Hours

කොමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ කැළෑබද සටන් පුහුණු පාසල මගින් බිහිකරන ලද තවත් රණශුරයින් 54 දෙනෙකු විසිර යයි

මන්නාරම, වෙඩිතලතිව් කොමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ කැළෑබද සටන් පුහුණු පාසල මගින් තෙවන වරටත් පවත්වන ලද ‘බලඇණි වෙඩිතැබිමේ කුසලතා සංවර්ධනය සහ අවි රහිත ආත්මාරක්‍ෂක සටන් කලාව’ (“Battalion Firing Skill Development and Unarmed Fighting Course”) පිළිබඳ පාඨමාලාව සාර්ථකව හැදෑරුවන්ගේ විසිරයාමේ පෙළපාලියක් බදාදා (11) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

කොමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ කැළෑබද සටන් පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් ආර්.එස්.සි දිසානායක ගේ අධික්‍ෂණය යටතේ පවත්වන ලද මෙම විශේෂ පාඨමාලාව සාර්ථක හැදෑරුවන්ගේ විසිරයාමේ පෙලපාලියේ සහතික පත් ප්‍රධානය කිරිමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි විය.

නිලධාරින් 04 ක් සහ සෙසුනිලයින් 50 දෙනෙකු සහභාගි වු මෙම පාඨමාලාව වෙඩිතැබිම සහ අවිරහිත ආත්මාරක්‍ෂක සටන් යන අංශ ආවරණය වන පරිදි පවත්වන ලදි. වෙඩි තැබිමේ කුසලතාවය ප්‍රවර්ධනය කිරිම සඳහා කොමාන්ඩෝ උපදේශකවරුන්ගේ සහාය ද ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික අවි රහිත ආත්මාරක්‍ෂක සටන් පිළිබඳ පුහුණුව සඳහා ‘රිටිගල විසුද්දි හරඹ’ ආයතනයේ නිර්මාතෘ ‘රිටිගල සුමේධ ගුරු’ගේ සහාය ද නොමදව ලැබුණි.

මෙම අවස්ථාව ආරම්භයේදි කොමාන්ඩෝ උපදේශකයින්ගේ ද සහාය ඇතිව පාඨමාලාව හැදෑරුවන් විසින් ‍සර්පයින් ග්‍රහන, මර උගුල් සහිත භුමියකදි වෙඩි තැබිම පිළිබඳ ප්‍රදර්ශණාත්මකව පෙන්නුම් කරන ලදි.

අවිරහිත ආත්මාරක්‍ෂක සටන් සිය හැකියාවන් ප්‍රදර්ශණය කිරිමට පෙර ‘රිටිගල සුමේධ ගුරු’ විසින් ‘රිටිගල විසුද්දි හරඹ’ සටන් කුසලතාවයන් හැදෑරිමේ වටිනාකම මෙන්ම එහි ඉතිහාසය පිළිබදව ඉතා වටිනා දේශණයක් පවත්වන ලද අතර එහිදි ඹහු විශේෂයෙන්ම යුධ ගැටුම් අවම කර ගැනීම සඳහා පෞරාණික ශ්‍රී ලාංකීය සටන් කලා සංකල්පයේ සාධාරණියත්වය පිළිබඳව ද අවධානය යොමු කරන ලදි.

අනතුරුව ‘රිටිගල විසුද්දි හරඹ’ මැනවින් හැදෑරුවන් විසින් සිය කුසලතාවයන් ප්‍රදර්ශණය කරමින් සටන් සංදර්ශණයක්ද පවත්වන ලදී.

මෙම ප්‍රදර්ශණාත්මක සටන් සංදර්ශණ වලින් පසුව කොමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.පි.ඩි.යු රාජපක්‍ෂ, කොමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.ජි.කේ.යු ගුණරත්න, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් සිල්වා යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පාඨමාලා හැදෑරුවන් වෙත සහතික පත් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් පාඨමාලාවේ දක්‍ෂතා දැක්වුවන් හට කුසලාන හා සහතික පත් ප්‍රධානය කල අතර එහිදි 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් යු.එල්.ඩි. විජේන්ද්‍ර දක්‍ෂතම වෙඩික්කරු හා දක්‍ෂතම ශිෂ්‍යයා ලෙසත්, 19 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් ඩි.ඩි.එම්.ජේ.එල් දයානන්ද ලිඛිත පරික්‍ෂණයේ වැඩිම ලකුණු ලාභියා ලෙසත් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් කුසලාන සහ සහතික පත් ලබාගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රිටිගල විසුද්දි හරඹ ප්‍රධාන ආචාර්ය රිටිගල සුමේධ, බලඇණි අණදෙන නිලධාරින් ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වන ලදී.

jordan release date | Nike