2018-06-19 16:25:41
ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම හා පශූ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘ජාතික ආහාර සංග්රමය’ නමින් දියත් කරනු ලබන සම්ප්‍රදායික වගා වැඩසටහනක් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන් අතර පවත්වනු ලැබීය.
2018-06-19 16:23:43
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සඳහා පුහුණු වැඩසටහනක් බ්‍රහස්පතින්දා (14) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. එහිදි, මහාචාර්ය හරේන්ද්‍ර විදානගේ මහතා විසින් වර්තමාන ලෝකයේ ආරක්ෂක තත්ත්වය, මහද්වීපවල තම ඉදිරි ආරක්ෂක.....
2018-06-18 13:44:55
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජූනි මස 10 සිට 14 දක්වා මයිලඩි වෙඩිපිටියේ දී වෙඩිතැබිමේ තරඟාවලියක් සංවිධානය කරන ලදි. පළමු වරට සංවිධානය කරනු ලැබූ මෙම වෙඩිතැබිමේ තරඟාවලිය සඳහා නිලධාරීන් 210 ක් පමණ සහභාගි වූහ.
2018-06-18 13:39:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනර්ල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර ගේ උපදෙස් මත එම බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ‘නායකත්ව සංවර්ධන’ වැඩමුළුවක් මැයි මස 22 දින සිට ජූනි මස 03 දින දක්වා කුට්ටිගල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2018-06-17 20:03:13
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ‘දහම් පහන’ වැඩසටහන සමඟ එක්ව ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරනු ලැබීය. බදාදා (13) දින යාපනය, ඉලන්කෙයි වෙන්තන් කලා විද්‍යාලයේ පැවැති සරල උත්සවයක දී පාපැදි, පොල් පැළ සහ කෘතීම පාද බෙදාදෙනු ලැබීය.
2018-06-17 19:03:28
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනාවන්හි භට පිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ සමාජ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් ජූනි මස 12 සිට 14 දින දක්වා දියත් කරනු ලැබීය. 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් පුල්ලයාර් කෝවිල්.....
2018-06-17 18:03:59
පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථානගත 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 621, 622 සහ 623 වන බලසේනාවන්හි භට පිරිස් බ්‍රහස්පතින්දා (14) දින පුල්මුඩේ ජූම්මා මුස්ලිම් පල්ලියේ පැවැති ‘ඉෆ්තාර්’ උත්සවය සැමරීම සඳහා එක්විය. රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති.....
2018-06-17 17:03:37
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් යෝගා පුහුණු වැඩසටහනක් ජූනි මස 8 සහ 9 දිනයන්හි එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබීය.
2018-06-15 22:25:09
මොණරාගල දිස්ත්‍රික්කයේ මුපනේ ප්‍රදේශයේ සිකුරාදා (15) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්න පිළිබඳව සැලවීමත් සමඟම මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් එම ස්ථානයට ළඟාවී ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
2018-06-15 18:54:46
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන එම ප්‍රදේශයේ මුස්ලිම් බැතිමතුන් සමඟ බ්‍රහස්පතින්දා (14) දින කිලිනොච්චි සංහිඳියා මධ්‍යස්ථානයේ පැවැති රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා එක්විය.