Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2018 22:25:09 Hours

මුපනේ ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ලැව් ගින්න මැඩපවත්වීමට යුද්ධ හමුදාවේ සහය

මොණරාගල දිස්ත්‍රික්කයේ මුපනේ ප්‍රදේශයේ සිකුරාදා (15) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්න පිළිබඳව සැලවීමත් සමඟම මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් එම ස්ථානයට ළඟාවී ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ උපදෙස් මත 121 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න මැඩපැවැත්වීමට සමත් විය.

නිලධාරි 01 ක් සහ සෙසුනිලයින් 25 දෙනෙකු ගෙන් සමන්විත භට පිරිස් කණ්ඩායමක් පැය කිහිපයක් ඇතුළත දී ගින්න ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා දායකත්වය දක්වන ලදී. තවද මෙම ගින්න ඇතිවීමට හේතුව තවම නිශ්චිතවම අනාවරණය වී නොමැත.

best Running shoes | Sneakers