Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2018 18:54:46 Hours

කිලිනොච්චි භට පිරිස් රාමසාන් ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා එක්වෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන එම ප්‍රදේශයේ මුස්ලිම් බැතිමතුන් සමඟ බ්‍රහස්පතින්දා (14) දින කිලිනොච්චි සංහිඳියා මධ්‍යස්ථානයේ පැවැති රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා එක්විය.

ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූලව හා වත් පිළිවෙත් අනුව රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් 200 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගි වූ සියලුදෙනාට රසවත් ආහාරපාන ලබාදෙනු ලැබු අතර එහිදි මවුලවිතුමන් විසින් රමසාන් ‘ඉෆ්තාර්’ චාරිත්‍රය මෙන්ම රාමසාන් උපවාස කාලය අතහැරීම පිලිබඳව ද කෙටියෙන් පැහැදිලි කළහ.

මෙම අගමික උත්සවය සාර්ථක කරගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සහයෝගය ලබාදුන්හ.

Adidas shoes | nike fashion