Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2018 20:03:13 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පාපැදි සහ පොල් පැළ බෙදාදීමක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය ‘දහම් පහන’ වැඩසටහන සමඟ එක්ව ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරනු ලැබීය.

බදාදා (13) දින යාපනය, ඉලන්කෙයි වෙන්තන් කලා විද්‍යාලයේ පැවැති සරල උත්සවයක දී පාපැදි, පොල් පැළ සහ කෘතීම පාද බෙදාදෙනු ලැබීය.

ඒ අනුව, මෙම වැඩසටහනේ දී පාපැදි 100 ක්, පොල්පැළ 2000 ක් සහ කෘතීම පාද 4 ක් බෙදාදෙන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව කයිට්ස් ප්‍රදේශයේ අඩු ආදාම්ලාභි පවුල් දෙකක් සඳහා නව නිවාස දෙකක් ඉදිකිරීමට මුල්ගල් තබනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආගමික නායකයින්, ප්‍රජා නායකයින්, ‘දහම් පහන’ පදනමේ සාමාජිකයින්, යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් එක්ව සිටියහ.

Best Authentic Sneakers | FASHION NEWS