18th June 2018 13:39:19 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනර්ල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර ගේ උපදෙස් මත එම බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ‘නායකත්ව සංවර්ධන’ වැඩමුළුවක් මැයි මස 22 දින සිට ජූනි මස 03 දින දක්වා කුට්ටිගල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
මෙම වැඩමුළුවේදී නායකත්වය, යුද්ධ හමුදා සාම්ප්‍රදායට අනුකූල ගුණාංග සංවර්ධනය, චාරිත්‍ර වාරිත්‍ර සහ නායකත්ව ගුණාංග සංවර්ධනය යන කරුණු පිළිබඳ අවධානය යොමු විය.
කුට්ටිගල, ඇඹිලිපිටිය, උඩවලව යන ප්‍රදේශයන්හි මෙන්ම පාරම්පරික මඩුවන්වෙල වලව්ව, අලි අනාථාගාරය, උඩවලව ජලාශය, මදුනාගල උණුදිය පොකුණ සහ ලියංගස්තොට වලවේ ගඟ යන ස්ථානයන්හි අධ්‍යාපන චාරිකාවක නිරතවීම ද මෙම වැඩසටහනට ඇතුලත්විය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතික වටිනාකමක් සහ ජෛව විවිධත්ව පිළිබඳ මෙම සංචාරයේ දී ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් දැනුවත් වන ලදි.
latest Nike Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals