Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2018 17:03:37 Hours

යාපනයේ භට පිරිස් යෝගා පුහුණු වැඩසටහනක

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් යෝගා පුහුණු වැඩසටහනක් ජූනි මස 8 සහ 9 දිනයන්හි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබීය.

මෙම වැඩසටහන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශාරීරික හා මානසික සමබරතාවය පවත්වාගැනීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත පවත්වන ලදි.

මෙම පුහුණු වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය.

Sports News | Air Jordan