19th June 2018 16:23:43 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සඳහා පුහුණු වැඩසටහනක් බ්‍රහස්පතින්දා (14) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
එහිදි, මහාචාර්ය හරේන්ද්‍ර විදානගේ මහතා විසින් වර්තමාන ලෝකයේ ආරක්ෂක තත්ත්වය, මහද්වීපවල තම ඉදිරි ආරක්‍ෂක සැළසුම් සකස් කිරීමේදි දේශපාලනයේ ඇති වැදගත්කම සහ එය ඉටුකර ගැනීමේදි පසුගිය දශකවල ලද අභියෝග වලට බලපාන වැදගත් කරුණු ආදිය පිළිබඳව අවධානයක් යොමු කරමින් ‘ගෝලීය ආරක්‍ෂක පරිසරය’ යන මැයෙන් හරවත් දේශනයක් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ අධීක්‍ෂණය මත එම රෙජිමේන්තුවේ නිලධාරින් හට මෙම පුහුණු වැඩසටහන පැවැත්විණි. එදින රාත්‍රි භෝජන සංග්‍රහයත් සමඟින් පුහුණු දින වැඩසටහන අවසන් විය.
Nike Sneakers Store | Mens Flynit Trainers