Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2018 13:44:55 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙඩිතැබිමේ තරඟාවලියක් සංවිධානය කරයි

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජූනි මස 10 සිට 14 දක්වා මයිලඩි වෙඩිපිටියේ දී වෙඩිතැබිමේ තරඟාවලියක් සංවිධානය කරන ලදි.

පළමු වරට සංවිධානය කරනු ලැබූ මෙම වෙඩිතැබිමේ තරඟාවලිය සඳහා නිලධාරීන් 210 ක් පමණ සහභාගි වූහ.

එහිදි 15 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ලුතිතන් යොහාන් රත්නායක විසින් ප්‍රථම ස්ථානයත්, 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් නලින් ප්‍රභාත් විසින් දෙවන ස්ථානයත්, 23 වන ගැමුණු හේවා බලකායේ කපිතන් කාවින්ද බණ්ඩාර විසින් තෙවන ස්ථානයත් හිමි කරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, 51 වන සහ 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් මෙන්ම හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටි අතර එහි ත්‍යාග ප්‍රදානොත්සවය බ්‍රහස්පතින්දා (14) දින පැවැත්විය.

latest jordan Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf