2024-06-01 23:02:09
ශ්‍රී ලංකා තරුණ බෞද්ධ සංගමයේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ පීඑස්සි ගේ මඟපෙන්වීම මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සිව් දින භාවනා වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන 2024 මැයි මස 11 සිට 14 දින දක්වා දඹුලුහල්මිල්ලවැව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2024-05-31 17:31:50
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් එම සේනංකය යටතේ සේවයේ නියුතු භටපිරිස්හී සුවදුක් විමසීමේ අරමුණින් ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හී සංචාරයක නිරත විය.
2024-05-31 17:25:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 92ඒ, 93බී, සහ එස්සී 21 පාඨමාලාවන්හී කෙඩෙට් නිලධාරින්
2024-05-30 17:19:05
වෙසක් උත්සවය නිමිත්තෙන් 58 පාබල සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ එම සේනාංක මූලස්ථානය ඉදිරිපිටදී බත් දන්සලක් සහ වෙසක් කලාපයක් පැවැත්වීය.
2024-05-30 13:39:48
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා
2024-05-29 18:11:32
විවිධ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් මීට මාස කිහිපයකට ප්‍රථම කොක්කඩිචෝලෙයි රාමක්‍රිෂ්ණ මිෂන් පාසල් පරිශ්‍රයේදී සිංහල භාෂා පුහුණු වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය. එම පුහුණු වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 මැයි මස 24 දින එම විද්‍යාලය වෙත සංචාරයක නිරතවිය. එම පුහුණු වැඩසටහන සඳහා මේ වනවිට දමිළ සිසු සිසුවියන් 103 දෙනෙකු සහභාගී වේ. එම සිසු සිසුවියන් විසින් ගීත සහ දේශනයන් මඟින් ඔවුන්ගේ සිංහල භාෂා කුසලතාවයන් සංචාරයේ නිරත ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ඉදිරිපත් කළහ. මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් එච්.එම්. අන්වර් මහතා කටයුතු කරයි.
2024-05-29 18:06:18
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලෙහි නිර්මාතෘ ලුතිනන් කර්නල් ඩී.බී රාජසිංහ (අභාවප්‍රාප්ත) ගේ ජන්ම දිනයට සමගාමීව 2024 මැයි මස 28 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී භටපිරිස් විසින් රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
2024-05-29 17:40:28
වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ‘ශාක්‍යසිංහ වෙසක් පහන් කූඩු තරඟය - 2024’ සඳහා යක්කල සහ අලව්ව රණවිරු ඇපරල් ආයතනයේ භටපිරිස් විසින් වෙසක් කූඩු සහ සැරසිලි ඉදිරිපත් කරමින් වෙසක් උත්සවය සැමරූහ. රණවිරු ඇපරල් - යක්කල සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම වෙසක් කූඩු සහ සැරසිලි ඉදිරිපත් කරනු ලැබීය.
2024-05-29 13:35:15
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන්
2024-05-29 13:33:48
හම්බන්තොට, උඩමුල්ල මහා විද්‍යාලයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති බුදුමැදුර 12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ඉදිකර එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් 2024 මැයි මස 23 දින එම බුදුමැදුරේ බුදු පිළිමයක් තැන්පත් කළේය.