Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2024 23:02:09 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සිව්දින භාවනා වැඩසටහනක්

ශ්‍රී ලංකා තරුණ බෞද්ධ සංගමයේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ පීඑස්සි ගේ මඟපෙන්වීම මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සිව් දින භාවනා වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන 2024 මැයි මස 11 සිට 14 දින දක්වා දඹුලුහල්මිල්ලවැව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්ගේ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකාව, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය සහ නේපාලය යන රටවල්වලින් වැඩමවා වදාළ ස්වාමීන් වහන්සේලා 80 නමකට අධික පිරිසකගේ වැඩමවීමෙන් ‘සියම් ලංකා ධර්ම යාත්‍රා’ නම් මෙම පුණ්‍ය වැඩසටහන විවිධ භාවනා ක්‍රමවේදයන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් පැවැත්විණි. එම පුණ්‍ය වැඩසටහන සඳහා අවශ්‍ය ධානය, නවාතැන් පහසුකම් සහ අනෙකුත් පරිපාලන පහසුකම් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙතින් ලබාදෙනු ලැබීය.

භාවනා වැඩසටහන සමාප්තියේ 2024 මැයි මස 16 දින රන්ගිරි දඹුළු රජමහා විහාරස්ථාන ප්‍රාර්ථනා බෝධියේ පැවති පහන් පූජාව සඳහා ද එම සියළුම ස්වාමීන් වහන්සේලා වැඩමවනු ලැබීය. ‘ධර්ම යාත්‍රා’ වැඩසටහන මාතලේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයෙන් සමාප්ත විය. එහිදී, 100 නමකට අධික මහා සංඝරත්නය දඹුල්ල ප්‍රදේශයේ සිට පා ගමනින් මාතලේ දක්වා වැඩම කළහ.