Header

Sri Lanka Army

Defender of the Nation

29th May 2024 18:06:18 Hours

ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසල මගින් රුධිරය දන්දීමේ වැඩසටහනක් පවත්වයි

දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලෙහි නිර්මාතෘ ලුතිනන් කර්නල් ඩී.බී රාජසිංහ (අභාවප්‍රාප්ත) ගේ ජන්ම දිනයට සමගාමීව 2024 මැයි මස 28 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී භටපිරිස් විසින් රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

ජාතික රුධිර පාරවිලයන සේවය බදුල්ල ශාඛාවේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.