Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2024 17:19:05 Hours

වෙසක් උත්සවය නිමිත්තෙන් 58 පාබල සේනාංකය වෙතින් බත් දන්සැලක් සහ වෙසක් කලාපයක්

වෙසක් උත්සවය නිමිත්තෙන් 58 පාබල සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ එම සේනාංක මූලස්ථානය ඉදිරිපිටදී බත් දන්සලක් සහ වෙසක් කලාපයක් පැවැත්වීය.

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් මෙම දන්සැලේදී බැතිමතුන් 15,000 කට ආසන්න පිරිසක් වෙනුවෙන් බත් සහ සාම්ප්‍රදායික ව්‍යංජනයන් පිරිනැමූහ.