Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2024 13:39:48 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපතිතුමන් 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 මැයි මස 22 දින 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුර වෙත සපැමිණි බලකාධිපතිතුමන් 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එච්.එච්.එච්. ද සිල්වා උණුසුම් අයුරින් පිලිගැනීමෙන් අනතුරුව,ඒකකයේ පරිපාලන කටයුතු පිළිබඳව එතුමන් දැනුවත් කළේය.

මෙම සංචාරයේදී, බලකාධිපතිතුමන් එම ඒකකයේ නිලධාරීන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරත වෙමින් පුහුණුව, විනය පවත්වාගැනීම, ආරක්‍ෂාව සහ ජාතිය ගොඩනැගීම මෙන්ම ඒකකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.