29th May 2024 17:40:28 Hours
වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ‘ශාක්‍යසිංහ වෙසක් පහන් කූඩු තරඟය - 2024’ සඳහා යක්කල සහ අලව්ව රණවිරු ඇපරල් ආයතනයේ භටපිරිස් විසින් වෙසක් කූඩු සහ සැරසිලි ඉදිරිපත් කරමින් වෙසක් උත්සවය සැමරූහ. රණවිරු ඇපරල් - යක්කල සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම වෙසක් කූඩු සහ සැරසිලි ඉදිරිපත් කරනු ලැබීය.
මෙම තරඟයේදී රණවිරු ඇපරල් - යක්කල විසින් ඉදිරිපත් කරන ලද වෙසක් කූඩුව ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබීය.