Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2024 17:31:50 Hours

23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් එම සේනංකය යටතේ සේවයේ නියුතු භටපිරිස්හී සුවදුක් විමසීමේ අරමුණින් ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හී සංචාරයක නිරත විය.

ඒ අනුව, සේනාංකාධිපතිතුමන් 2024 මැයි මස 06, 17 සහ 22 දිනයන්හිදී 231, 232 සහ 233 පාබල බලසේනාවන්හී සංචාරය කළේය. එම බලසේනා මූලස්ථානයන් වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් එම බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් වන බ්‍රිගේඩියර් ඒ.ඒ.ඩී.පී. කරුණාතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී, බ්‍රිගේඩියර් ආර්.පී.එස්. ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සහ බ්‍රිගේඩියර් ටී.එන්.කේ. පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

බලසේනා මූලස්ථානයන් වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයන්හී පැළ රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූප සඳහා ද පෙනී සිටියේය. එතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව බලසේනාධිපතිවරුන් විසින් එම බලසේනාවන්හි කාර්යභාරයන් පිළිබඳ සේනාංකාධිපතිතුමන් දැනුවත් කළහ. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයන් සඳහා සහභාගී වූ සේනාංකාධිපතිතුමන් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.

මෙම සංචාරයේදී, සේනාංකාධිපතිතුමන් ‘තොප්පිගල උරුම උද්‍යානය’ වෙත ගොස් දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය. මෙම සංචාරයට සමගාමීව, එතුමන් 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 4 හා 7 ගැමුණු හේවා බලකාය සහ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව යන ඒකකයන්හී ද සංචාරය කළේය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.