Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2024 17:25:39 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 92ඒ, 93බී, සහ එස්සී 21 පාඨමාලාවන්හී කෙඩෙට් නිලධාරින් 2024 මැයි මස 30 සහ 31 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත විය. එම පාඨමාලාවන්හී විෂය මාලාවේ කොටසක් ලෙස සිදුකරනු ලැබූ මෙම සංචාරයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හී ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙනු ලැබීය. සංචාරයේ නිරත කෙඩෙට් නිලධාරින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී නියෝජනය කරමින් කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස්.ඩී.කේ.ඩබ්ලිව්.එම්.එම්.අයි. වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය සඳහා, දේශීය කෙඩෙට් නිලධාරින් 227 දෙනෙකු සහ කෙන්යාව, සැම්බියාව, ගැම්බියාව සහ උගන්ඩාව යන රටවල් නියෝජනය කරන විදේශ කෙඩෙට් නිලධාරින් 10 දෙනෙකු සහභාගී වූහ. එහිදී, ප්‍රධාන මාණ්ඩලික II (ක්‍රියාන්විත) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් සී. වීරතුංග පීඑස්සී විසින් යාපනය අර්ධද්වීපය තුළ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබන සංවර්ධන කටයුතු ඇතුළු කාර්යභාරයන් සහ සිවිල් වැසියන් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් පිළිබඳව ද දැනුවත් කරනු ලැබීය. පසුව, මෙම සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් (පාලන හා භඨකාර්ය සම්පාදන) බ්‍රිගේඩියර් ඒ.කේ. වීරසිංහ යූඑස්පී සහ සංචාරයේ නිරත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කෙඩෙට් නිලධාරියා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම සංචාරයේදී, එම කෙඩෙට් නිලධාරින් තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනය, යාපනය නගරය, යාපනය කොටුව, යාපනය පුස්තකාලය, ජෙනරල් ඩෙන්සිල් කොබ්බකඩුව අනුස්මරණ කෞතුකාගාරය, CIMIC උද්‍යානය - 51 පාබල සේනාංකය, දඹකොළ පටුන, සංගුපිඩ්ඩි පාලම, අලිමංකඩ සහ කිලිනොච්චි රණවිරු ස්මාරකයන් වෙත යනු ලැබීය.

තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතන පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මාණ්ඩලික නිලධාරීන් සමඟ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව එම සුහඳ අදහස් හුවමාරුවක නිරත වීමට ද එම කෙඩෙට් නිලධාරින්ට අවස්ථාව හිමිවිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.