Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2024 14:51:48 Hours

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

පෙබරවාරි මස 4 වන දිනට යෙදී තිබූ 76 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී සහ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. එහිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව සිය නිලයේ අධිකාරිය සහ එතුමන්ගේ සුභපැතුම් පිරිනැමීය.

උසස්වීම් ලැබූ නිලධාරින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද පිළිසඳරක නිරත වීමෙන් පසුව එතුමන් විසින් නව මේජර් ජෙනරල්වරුන් දෙදෙනා වෙත අසිපත් පිරිනමමින් සංකේතාත්මකව සිය නිලයේ අධිකාරිය පිරිනමනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ස්තූතිය පලකළ නව මේජර් ජෙනරල්වරුන් දෙදෙනා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.