Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2024 19:11:37 Hours

Indo-Pacific Endeavor 2024 සඳහා වන ආඥාපති මෙරට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි

Indo-Pacific Endeavor (IPE) 2024 සඳහා වන ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක බලකායේ ආඥාපති කොමදෝරු මයිකල් හැරිස් ඕඒඑම් (Commodore Michael Harris OAM), සඳුදා (ජනවාරි මස 29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හමු වූයේය.

සුහද හමුවේදී, ද්විපාර්ශවීයව වැදගත් වන ඉන්දු - පැසිෆික් කලාපයට අදාළ පුහුණු වීම් සහ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්හ.

සුහද හමුව අවසානයේදී මාණ්ඩලික ප්‍රධානී විසින් කොමදෝරු මයිකල් හැරිස් ඕඒඑම් වෙත සහ පැමිණි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් සීඑස්සී (Colonel Amanda Johnston CSC), මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ඊ.ජී.සී ගුණසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, IPE 2024 හි මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් කර්නල් රූස් ලෝව්ස් (Lieutenant Colonel Russ Lowes) ද මෙම හමුවට සහභාගි වූහ.