Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2024 20:10:05 Hours

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරය භාරගැනීමට නියමිත කපිතාන් වයි.අයි. ද සිල්වා ආර්ඩබ්ලිව්පි පීඑස්සී යුද්ධ හමුදාධිපති හමුවෙයි

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරය භාරගැනීම සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් වයි.අයි. ද සිල්වා ආර්ඩබ්ලිව්පි පීඑස්සී අද (ජනවාරි මස 24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතියේ උන්නතිය වෙනුවෙන් ආරක්‍ෂක උපදේශකයෙකු ලෙස තමාට ඉටු කළ හැකි ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරයෙහි වැදගත්කම අවධාරණය කරමින් කපිතාන් වයි.අයි. ද සිල්වා ආර්ඩබ්ලිව්පි පීඑස්සී වෙත සිය සුබපැතුම් පිරිනැමීය. සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කපිතාන් වයි.අයි. ද සිල්වා ආර්ඩබ්ලිව්පි පීඑස්සී වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.