Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2023 16:16:30 Hours

ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භටසංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භටසංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු බ්‍රිගේඩියර් සී.ආර්.එම් සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණි එතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ බ්‍රිගේඩියර් සී.ආර්.එම් සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

2006 වර්ෂයේ අප්‍රේල් මාසයේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලැබූ ගජබා රෙජිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් සී.ආර්.එම් සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (විශ්‍රාමික) යුද්ධ හමුදාව තුල මෙහෙයුම්, පරිපාලන සහ අධ්‍යයන මට්ටමින් කැපී පෙනෙන සේවාවක් ඉටු කර ඇත.

සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් එම විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීගේ වසර 26 කට අධික සේවා කාලය තුළ විවිධ නිලයන් සහ වගකීම් සහිත ධූරයන් දරමින් යුද්ධ හමුදාවට සිදුකල සේවය අගය කරන ලදී. සුහද හමුව අවසානයේදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරන ලැබීය.