Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2023 17:40:35 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

පැවති සුහද හමුවේදී, ද්විපාර්ශවීය කරුණු සහ දෙරටෙහි හමුදාවන් අතර පවතින සබඳතා පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

සුහද හමුවේදී, ධූරයෙන් නික්ම යන ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ශ්‍රී ලංකාව තුළ සේවයේ නියුතු කළසීමාව තුළදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළ අතර, මෙරට යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු සඳහාද සිය සුබ පැතුම් එක් කළේය.

මෙම සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දීය ආරක්‍ෂක උපදේශකතුමන් සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය අගය කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කළේය.