Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2023 17:13:27 Hours

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් රාජකාරි භාරගන්නා ලද කපිතන් එම් ආනන්ද් (Captain M Anand) පසුගිය සඳුදා (නොවැම්බර් මස 20) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමු වූයේය.

සුහද හමුවේදී, දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර පවතින සුහඳතාවය, සහයෝගීතාව සහ අවබෝධය පිළිබඳවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම වැඩිකිරීම මගින් ද්විපාර්ශ්වික සබඳතාවයන් වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබදවත් අදහස් හුවමාරු කරගන්නා ලදී.

සුහද හමුව අවසානයේදී මෙරට යුද්ධ හමුදාවේ සුහදතාවය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ කපිතන් එම් ආනන්ද් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකරනු ලැබීය.