Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2023 22:13:55 Hours

යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය මගින් විවිධ වූ සුභසාධන පහසුකම් ඇතුලත් ‘e-Portal Widget’ මෘදුකාංගය එළිදක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් බදාදා (අගෝස්තු මස 23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සුභසාධක වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, එහිදී එම අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘සුවසහන අරමුදල’, ණය පහසුකම් ආදිය සඳහා වූ තොරතුරු දැනගැනීමට ‘e-Portal Widget’ මෘදුකාංගය එළිදැක්වීම සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය, ඇස් කණ්නාඩි සහ පාසල් පාවහන් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.

සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ආර්එස්පී ගේ ආරාධනයෙන් ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උත්සව අවස්ථාවට සහභාගී විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් තොරතුරු තාක්‍ෂණ කර්නල් එම්.ආර් හමීම් යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තාක්‍ෂණික නිලධාරීන් විසින් ‘e-Portal Widget’ මෘදුකාංගය නිර්මාණය කරන ලදී. මෙමගින් යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘සුවසහන අරමුදල’, ණය පහසුකම්, වෙනත් සුබසාධන ප්‍රතිලාභ පිළිබඳව වූ තොරතුරු ලබාගැනීමට හැකි වේ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා උත්සවය ආරම්භකරන ලද අතර, අනතුරුව එතුමන්ගේ ප්‍රධානත්වයෙන් නව ‘e-Portal Widget’ මෘදුකාංගය එළිදැක්වීය.

යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල තෝරාගත් ලගම ඥාතීන් 25 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඇස් කණ්ණාඩි බෙදාදෙන ලද අතර, රුපියල් 7500.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක ඇසුරුම් 25 සහ ‘බාටා’ පුද්ගලික සමාගම වෙතින් රුපියල් 1000.00 වටිනාකමකින් යුත් තෑගි වවුචර් 25 ක්ද මෙම උත්සවය අතරතුරදී ප්‍රධානය කරන ලදී.

වැඩසටහන අතරතුරදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ තෝරාගත් පාසල් ළමුන් 791 ක් අතරින් පාසල් ළමුන් 25 දෙනෙකු වෙත සංකේතාත්මකව රුපියල් 7500.00 වටිනාකමකින් යුත් පාසල් උපකරණ අඩංගු පාර්සල් සහ පාසල් පාවහන් යුගල බැගින්ද පිරිනමන ලදී. ඇස් කණ්නාඩි සඳහා අනුග්‍රාහකත්වය ‘පුෂ්පකුමාර පදනම’ මගින් සහ පාසල් පාවහන් හා තෑගි වවුචර් බෙදා දීම සඳහා අනුග්‍රාහකත්වය ‘බාටා’ පුද්ගලික සමාගම මගින්ද ලබාදුන් අතර, අනෙකුත් ද්‍රව්‍ය සඳහා අනුග්‍රාහකත්වය ලබාගැනීමේ කටයුතු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සුබසාධන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලැබීය.

උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ‘පුෂ්පකුමාර පදනමේ’ සභාපති ජගත් පුෂ්පකුමාර මහතා වෙත විශේෂ ඇගයීම් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, එම පදනමේ සාමාජික සුමිත් කල්දේරා මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෘතවේදීත්වය පළ කරමින් පැමිණ සිටි ප්‍රතිලාභියෙකු විසින් අනෙකුත් සියලුම ප්‍රතිලාභීන් වෙනුවෙන් ස්තුති කථාව සිදුකරනු ලැබීය.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී වනිගසේකර යූඑස්පී, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, ‘බාටා’ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්ලයිව් රොද්‍රිගෝ මහතා සහ ප්‍රතිලාභීන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.